සංගමයේ අරමුණු

  • ජීව බලශක්තිය සාර්ථකව ජනනය සඳහා කර්මාන්තය හා ගොවි සංවිධාන අතර ජාලයක් ගොඩ නැගීම.
  • ජීව බලශක්තිය සංවර්ධනය සඳහා තොරතුරු හුවමාරු කර ගැනීමට හා සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා වේදිකාවක් සැපයීම.
  • ශ්‍රී ලංකාව තුළ ජීව බලශක්තිය සංවර්ධනය, භාවිතාවන් ස්ථාපනය කිරීම හා ක්‍රියාකාරකම් දිරිමත් කිරීම හා ප්‍රවර්ධනය.
  • දරිද්‍රතාවය තුරන්කිරීමේ ප්‍රධාන සංවර්ධන ඉලක්කයක් ලෙස ජීව බලශක්තිය සංවර්ධනය කිරීම.
  • ජීව බලශක්ති සංවර්ධනයේ සියලු පැතිකඩ වලට රජයෙන්, ද්වි පාර්ශ්වික හා බහු පාර්ශ්වික ප්‍රදනකයන් හා ‍ෙපෟද්ගලිකව ලැබෙන ආධාර සාමාජිකයන්ට සාධාරණව හා සාර්ථකව ලබාදීමේ මාධ්‍යයක් වීම.
  • ජීව බලශක්ති පද්ධතීන්ගේ කාර්යක්ෂම හා කල්පවත්නා සංවර්ධනය පිළිබඳ ප්‍රමාණවත් හා යාවත්කාලීන තොරතුරු සාමාජිකයන්ටත් ඔවුන්ගේ සහයෝගය ඇතිව ඒවා විදුලි බලය හා බලශක්ති අමාත්‍යාංශය, විද්‍යාව හා තාක්ෂණ ආමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය හා සමාන ආයතන ඇතුළත් අදාල සියලු අමාත්‍යාංශ වලට ලබා දීම.
  • ජීව බලශක්තිය සංවර්ධනය, හිමිකම හා කළමනාකරණය පිළිබඳ සෑම වර්ගයකම සේවාවන් සැපයීම දිරිමත් කිරීම.
  • කර්මාන්තයේ වැඩි දියුණුව සඳහා ශ්‍රි ලංකා රජය, විදුලි බල මණ්ඩලය හා ජනතාව සමග කර්මාන්තයේ ප්‍රවර්ධකයෙකු ලෙස තොරතුරු සැපයීම, බලපෑම් කිරීම හා ක්‍රියා කිරීම.
  • කම්හල් පිහිටුවීමේදී හා මෙහෙයුම් කිරීමේදී පිළිපැදිය යුතු ප්‍රමිතීන් අනුමත කිරීම, ජීව ස්කන්ධ මිල කිරීමේදී සහතික කිරීමේ සහ/ හෝ නියාමන ආයතනයක් ලෙස සෘජුවම ක්‍රියා කිරීම හෝ ඒ සඳහා අවශ්‍ය සේවාවන් සැපයීම.
  • ජීව බලශක්ති සංවර්ධනයේදී බැංකු හා ප්‍රදානක ආයතන සමග සම්බන්ධීකරණය හා ප්‍රවර්ධනය කිරීම.

දැක්ම

ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයේ ප්‍රමුඛතම හඬ බවට පත්වීම.

මෙහෙවර

ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තය සංවර්ධනයේදී ප්‍රමුඛතම මූලාශ්‍රය හෝ මගපෙන්වීම හා දිරි ගැන්වීම ලෙස ක්‍රියා කිරීම. ශ්‍රී ලංකා බලශක්ති සංගමය මුළු රටේම ඇති ව්‍යවස්ථාදායක, පරිපාලන හා ප්‍රදානක ආයතන හරහා බදු සහන, ජීව ස්කන්ධ පර්යේෂණ වැඩි කිරීම හා නියාමන හා වෙනත් ප්‍රතිපත්ති මුලපිරීම් වලින් කර්මාන්තයට සහාය ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා ජීව බලශක්ති සංවිධානය ග්‍රාමීය ආධායම් වැඩි කිරීමට හා ග්‍රාමීය දරිද්‍රතාවය තූනී කිරීම සඳහා ජීව බලශක්තිය කල්පවත්නා සහ සැලකිය යුතූ මාධ්‍යයක් වීම තහවුරු කිරීමට සාමාන්‍ය මහජනතාව, ගොවි සංවිධාන හා අදාල අනෙකුත් ආයතන සමග සෘජුවම සම්බන්ධ වනු ඇත.