ශ්‍රී ලංකා ජීව බලශක්ති සංගමය බලශක්තිය ජනනය සඳහා දේශීය සම්පත් යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීමෙන් විදුලිය හා තාප බලශක්ති අවශ්‍යතා සඳහා ආනයනය කළ පොසිල ඉන්ධන මත වැඩි වන රඳා පැවැතීම අඩු කිරීම ප්‍රවර්ධනය කිරීමට දිගු කලක් තිස්සේ උනන්දුවක් දැක් වූ පුරවැසි කණ්ඩායමක් විසින් පිහිටුවන ලදී.

 

පසුගිය වසර වල දක්නට ලැබුණු ඌණතා හා ඉදිරියේදී එවැනි තත්වයන් ඇති වීමේ තර්ජනය නිසා සහ බලශක්ති වියදම් ඉහළ යෑම නිසා ජීවස්කන්ධ බලශක්ති වටිනාකම අවසානයේදී අවබෝධ කර ගෙන ඇති අතර රජයේ අධිකාරීන්ගේ අවධානයද ඊට යොමුව ඇත.

 

අවශ්‍ය ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදන කිරීමේදී මනා අදහස් හා උපදෙස් ලබා දීම සඳහා ශ්‍රීලංකා ජීව බලශක්ති සංගමය(BEASL) සමාගම් පනත යටතේ සංගමයක් ලෙස සංස්ථාපනය කරන ලදී.