ජෛව ස්කන්ධ වාෂ්පීකරණය යනු කුමක්ද?

ජෛව ස්කන්ධ වාෂ්පීකරණය යනු කුමක්ද?

වාෂ්පීකරණය යනු කාබන් පදනම් වූ ඝන ඉන්ධන, කාබන් මොනොක්සයිඩ් හා හයිඩ්‍රජන් අඩංගු වාෂ්ප ස්වභාවයකට පත් කිරීම සදහා වර්ධනය කරන ලද තාක්ෂණයයි. මෙම වාෂ්ප සින්ගෑස් යනුවෙන් හැදින්වේ. වාෂ්පීය ඉන්ධන, ඝන ඉන්ධන වලට වඩා හොද වන්නේ එහි ගලායෑම පාලනය කිරීමට හා පරිහරණයට ඇති පහසුව හා දහන ක්‍රියාකාරිත්වය වඩාත් හොඳ නිසාය. ජීව ස්කන්ධ වාෂ්පීකරණය තාප බලශක්තිය හා බලය ජනනය කිරීමේ ක්‍රම සදහා ලොව පුරා පිළිගත් හා දේශීය වශයෙන් ස්ථාපනය වූ තාක්ෂණයකි. ජීව ස්කන්ධ වාෂ්පීකරණය යනු ප්‍රතිචක්‍රීය කළ හැකි, අඩු වියදම් සහිත, පාරිසරිකව හිතකාමී බලශක්ති විකල්පයකි.

වාෂ්පීකරණ රසායනය

ජීව ස්කන්ධ සංයුක්ත වන්නේ ( වියලි අළු වලින් තොරව)

කාබන් 50%
හයිඩ්‍රජන් 6%
ඔක්සිජන් 44%

නියෝජනය කරන රසායනික සූත්‍රය: CH1.44O0.66

පයිරොලිසිස් කලාපය

ජීව ස්කන්ධ වියෝජනය වන්නේ ඉතා අඩු ඔක්සිජන් පරිසරයක් තුළ අඟුරු හා තාර සෑදෙන ආකාරයෙනි.( එමෙන්ම මීතේන්, කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් අංශු මාත්‍ර සහිතවය.)

C+උෂ්ණත්වය අඟුරැ+ තාර+ HCs

දහනය වන කලාපය

අඟුරු, තාර සහ ජීව ස්කන්ධ, ඔක්සිජන් සමග අඩ වශයෙන් දහනය කිරීමෙන් පයිරොලිසිස් ප්‍රතික්‍රියාවන් හා ඌනන ප්‍රතික්‍රියාවන් සදහා තාපය ලබා ගත හැක.

C+O2+තාපය

ඌනන කලාපය

නිෂ්පාදක වාෂ්ප මිශ්‍රණය (Producer Gas Mixture) සෑදීමට දායක වන අන්තර් මාධ්‍ය ප්‍රතික්‍රියාවන් ගණනාවක් පවතී. කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රජන් හා මීතෙන් සංයුතිය රදා පවතින්නේ මෙම අන්තර් මාධ්‍ය ප්‍රතික්‍රියාවන්ගේ ශීඝ්‍රතාවය මතය.

C+H2O+තාපය CO+H2

C+2H2→ CH4+තාපය

3H2+CO → CH4+H2O+තාපය

H2O+CO → CO2+H2+තාපය

4H2+CO2 CH4+2H2O+තාපය

සින්ගෑස් පදාර්ථ

සින් ගෑස් යනු දර වාෂ්පිකරණයෙන් නිපද වන සංශ්ලේෂණය වූ දහන වාෂ්ප මිශ්‍රණයකි.

ඇඩයබැටික් දැල්ලේ උෂ්ණත්වය: 1100C
තාප අගය/කැලොරිෆික් අගය: 4.3 MJ/m3 at STP
ගෑස් ගලා යෑමේ ශීඝ්‍රතාවය: 2.5-3.0 m3/kg wood
වියලි ගෑස් සංයුතිය (%)

CO: 19-22

CO2:10-13

N2:42-44

H2: 18-19

CH4:2